නීති අංශය

දකුණු පළාත් සභාවට අයත් අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ආයතන සදහා නීති සහාය ලබා දීම

අපගේ දැක්ම

අපගේ දැක්ම

දකුණු පළාතේ ආදර්ශවත් සේවාවක් සමඟ නීතියේ ආධිපත්‍යය බලාත්මක කිරිම

අපගේ මෙහෙවර

අපගේ මෙහෙවර

පළාත් නීතිමය කරුණු සහ ආරවුල් සඳහා අපගේ සේවාදායකයින්ට පළමු පන්තියේ අගය එකතු කළ නීති ආධාර සහ විසඳුම් ලබා දීම.

අපගේ අගයයන්

අපගේ අගයයන්

සාධාරණීකරණය, කාර්යක්ෂමතාව, ඵලදායිතාවය, විනිවිදභාවය, ප්‍රතිචාර දැක්වීම, සන්නිවේදනය, ක්‍රියාකාරීත්වය

අංශයේ කාර්යයන්


දකුණු පළාත් සභාවට අයත් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ආයතන වල නඩු කටයුතු සඳහා නීතී සහාය ලබා දීම.

දකුණු පළාත් සභාවට අදාළ ප්‍රඥප්ති සකස් කිරීමට අවශ්‍ය නීති සහාය ලබා දීම.

දකුණු පළාත් සභාවට අයත් ආයතන වලට අදාළ බදු ගිවිසුම් සකස් කර ලියාපදිංචි කිරිම.

දකුණු පළාත් සභාවට අයත් ආයතන විසින් එවනු ලබන ගිවිසුම් කෙටුම්පත් සඳහා නිෂ්කාෂණ ලබාදීම.

පළාත් පාලන ආයතන මඟින් සකස් කරනු ලබන අතුරු ව්‍යවස්ථා කෙටුම්පත්වල නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් නිෂ්කාෂණ ලබාදීම.

නීති අංශයේ නිළධාරීන්